ගින්න සහ වියරුව බොරුව සහ ඕපාදූප රැගත් කෘතියක්?
මයිකල් වොල්ෆ් විසින් වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර රචනා කර ඇති 'ගින්න සහ වියරුව' (ෆයර් ඇන්ඩ් ෆියුරි) බොරුවෙන් පිරි කෘතියක් බව ජනපතිවරයා පවසයි.
වත්මන් ජනපතිවරයාගේ සමීපතමයෙකු හා ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ ආධාරකරුවෙකුව සිටි ස්ටීව් බැනන් උපුටා දක්වමින් එහි ගෙනහැර දක්වන බොහෝ කරුණු ගොතන ලද කරුණු බවත්, මෙම කෘතිය සම්පූර්ණයෙන්ම රාජද්‍රෝහී කෘතියක් බවත් ජනපතිවරයා චෝදනා නගයි.
එය ජනපති පුත්‍රයෙකු රුසියානුවන් පිරිසක් සමග පැවැත්වූ රහස්‍ය සාකච්ඡාවක්, මෙන්ම ධවල මන්දිරයේ හෙළි නොවූ ඇතුළාන්තය පිළිබඳ කරුණු අළලා රචනා කරනලද කෘතියක් බව කියැවේ.
දෙසීයකට අධික සම්මුඛ සාකච්ඡා මත පදනම්ව ලියවී ඇති මෙම ග්‍රන්තයේ ඇතැම් උපුටා දැක්වීම් මේ වනවිටත් ප්‍රශ්න කිරීම්වලට හා විවේචනයට බඳුන් වී ඇති අතර, එහි විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු ඇති තිබෙන බවද සඳහන් වේ.
එමෙන්ම, ජනපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනපති මෙන්ම ඔහුගේ කණ්ඩායම පුදුම වූ හැටි, ජනපතිවරණ රාත්‍රියේ ජනපති ආර්යා මෙලනියා දුකින් සිටි බව, දිවුරුම්දීමේ උලෙළ සම්බන්ධයෙන් ඇතැම් ඇමෙරිකානු තරු ගෙනා ඇනුම්පද ගැන ජනපති කෝපයෙන් සිටි කතා, ධවල මන්දිරය පීඩාකාරී ස්ථානයක් ලෙස ට්‍රම්ප් කල්පනා කළ හැටි, ඔහු ළමා හැසිරීමක් පෙන්වන ජනපතිවරයෙකු බව ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ අදහස බව, එක්සත් ජනපද පළමු ජනපතිනිය වීමට ඉවන්කා සහ සැමියා සැලසුම් කළ කතා ආදී බොරු හා ඕපාදූප කතාවලින් පිරුණු කෘතියක් ලෙස නියමිත කාලයටත් පෙර අලෙවියට ඉදිරිපත් වූ ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතිය සැලකෙයි.
කෙසේ වෙතත්, මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් භීතිකාවෙන් පෙළෙන බොහෝ මාධ්‍යයන්ට නම් රසවත් කෑමක් බව පෙන්වා දෙන ස්වාධීන මාධ්‍යය මෙවැනි විවේචනාත්මක කෘති තුළින් බොහෝ කතුවරුන් අනවශ්‍ය ආදායම් ඉපදවීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


