ගාසා තීරයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දෙපාර්ශ්වයටම කඩිනම් සටන් විරාමයක් වෙත පැමිණීමට බලකර සිටියි.
ගාසා තීරය වෙත ඊශ්රායලයෙන් එල්ල වන ෂෙල් ප්රහාරයන් අතිශය ක්රෑර ස්වරූපයක් ගන්නා බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් පැවසීමත් සමග මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බව කියැවෙයි.
ඊයේ දිනය ගැටුම්වල වඩාත් උච්චතම අවස්ථාවක් දැකගත හැකිවූ අතර එම ගැටුම්වලින් ඊශ්රායල් සොල්දාදුවන් 13ක් හා පලස්තීන ජාතිකයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.
මේ අතර, ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊජිප්තු නායකයන් සමග සාකච්ඡා කිරීමට ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී කයිරෝ නගරයේ රැඳී සිටින බවද කියැවෙයි.