ගාසා තීරය වෙත ඊශ්‍රායලය විසින් අද දිනයේ එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පලස්තීනය අඛණ්ඩව සිය රොකට් ප්‍රහාර ඊශ්‍රායලය වෙත එල්ල කරමින් සිටී.
දින තුනක සටන් විරාමය පසුගිය සිකුරාදා උදෑසන අවසන් වීමත් සමග ගාසා තීරය යළි යුද පිටියක් බවට පත්විය.
එමෙන්මට වෙස්ට්බෑන්ක් විරෝධතාකරුවන් ඊශ්‍රායල් හමුදාව සමග ගැටුමක් ඇති කිරගැනීම තුළ තත්ත්වය තවදුරටත් බරපතල විය හැකිබවටද මතයක් පවතී.
එහිදී, ඊශ්‍රායල් වෙඩි තැබීමකින් පලස්තීන වැසියන් දෙදෙනෙකු ඝාතනය වූ බවද කියැවෙයි.
ගාසා තීරයේ ගැටුම් උද්ගත වූ අවස්ථාවේ සිට සති පහකට ආසන්න කාලය තුළ මේ වනවිට පුද්ගලයන් 1,960 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 1900ක් පමණම පලස්තීන ජාතිකයන් වෙයි. එමෙන්ම, මියගිය අයගෙන් වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් වන අතර, කාන්තාවන් හා ළමයින්ද සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.