ග්‍රීසිය යුරෝපා කලාපය තුළ රඳවා ගැනීම සඳහා කළ හැකි සියල්ල කරන බව ප්‍රංශ අගමැති මැනුවෙල් වේල්ස් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ග්‍රීසිය යුරෝපා කලාපයෙන් ගිලිහීම එම කාලපයටම අවදානමක් බවයි.
කෙසේ වෙතත්, කිසිම අයුරකින් කොන්දේසි විරහිතව ණය කපා හැරීමක් සිදුනොකළ යුතු බවට ජර්මනිය අනතුරු අඟවා තිබේ.
ග්‍රීසියේ අගමැතිවරයා මීට පෙර පවසා තිබුණේ යුරෝ බිලියන 323 ක් වූ එරට ණය මුදලින් 30% ක් කපා දමමින්, වසර 20ක සහන කාලයක්ද තම රටට අවශ්‍ය බවයි.