ඇමෙරිකාවට අයත්, කියුබාවේ ග්වතනාමෝ බේ සිරකඳවුරේ සිටින රැඳවූවන් ප්රමාණය මේ වනවිට 100 දක්වා අඩුවී තිබේ.
2002 වසරේදී එම සිරකඳවුර විවෘත කිරීමෙන් පසුව එහි සිටින රැඳවූවන් පිරිස මෙතරම් අඩුවූ ප්රථම අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
මෙම සිරකඳවුර වසා දමනට බවට ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ලබාදුන් පොරොන්දුවට අනුව, මේ ආකාරයෙන් එහි සිටි සිරකරුවන් වෙනත් සිරකඳවුරු වෙත මාරු කරමින් හා ඇතැම් දෙනා නිදහස් කරමින් පැවතුණි.
මේ අතර, එහි සිටි යේමන් සිරකරුවන් 10 දෙනෙකු පසුගියදා ඕමානය වෙත පිටුවහල් කළ අතර, ඔවුන්ට ස්ථිර වාසස්ථානයක් ලැබෙන තුරු ඔවුන් ඕමානයේ රඳවා තබන බව ඇමෙරිකානු බලධාරීහු පවසති.