වයඹදිග කොලොම්බියාවේ මගී යාත්රාවක් පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු අතුරුදන්ව සිටින බව වාර්තා වෙයි.
කොලොම්බියානු බලධාරීන් පවසන පරිදි මෙම යාත්රාවේ ගමන්ගත් පුද්ගලයන් 133 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි වී ඇති අතර, එය ග්වාතපේ සංචාරක නගරය ආසන්නයේ ජලාශයක් ආශ්රිතව මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යාත්රාවේ පුද්ගලයන් 170ක් පමණ ගමන් කරමින් සිටින්නට ඇති අතර, විනාඩි පහක කාලයක් තුළ යාත්රාව වේගයෙන් ගිලී යෑම නිසා බොහෝ දෙනෙකුට ආරක්ෂක පියවර ගැනීමට නොහැකි වී ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, ඒ මුදාගැනීමේ බෝට්ටු කිහිපයක්ම ක්ෂණිකව ඒ වෙත පැමිණ ඇති නිසා ජීවිත හානි රැසක් වළක්වා ගැනීමට හැකි වූ බවද බලධාරීහු පවසති.
.jpg)
.jpg)
.jpg)