බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ග්වෙන්-හයිට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් ඇය පැය 14කට අධික කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබුණි.
තමාට එරෙහිව පවතින සියලු චෝදනා හිටපු ජනාධිපතිවරිය ප්‍රතික්ෂේප කළ බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.
සිය සමීප මිතුරියක වූ චොයි සූන්-සිල් වෙත විශාල සමාගම් වෙතින් අයථා ලෙස මුදල් ලබාගැනීමට අවසර දීම ඇයට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.
ඒ අනුව, චෝයි අල්ලස් හා දූෂණ චෝදනා යටතේ දඬුවමට යටත් වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ප්‍රශ්න කිරීම්වලින් පසුව මාධ්‍ය ඇමතූ හිටපු ජනාධිපතිනිය ජනතාවගෙන් සමාව ඉල්ලමින් කියා සිටියේ, තමන් අවංකව සියලු ප්‍රශ්න ඉදිරියේ පිළිතුරු ලබාදුන් බවයි.