උණුසුම් වී ඇති කොරියානු අර්ධද්වීපය තුළ යළිත් කිසිදා යුද්ධයක් ඇති නොවන බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් අවධාරණය කරයි.
ධුරයට පත්ව දින 100ක් ගතවීම නිමිත්තෙන් එරට රජයේ රූපවාහිනිය හරහා ජනතාව අමතමින් ජනපතිවරයා මේ මෙසේ පවසා සිටියේය.
එහිදී, මූලිකවම උතුරු කොරියාවත් සමගින් සාකච්ඡාව සඳහා සිය විශේෂ නියෝජිතයෙකු එරට වෙත යැවෙන බවත්, ඒ හරහා උතුරු කොරියාව සිදුකරන මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවැත්වීමට කටයුතු යොදන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවේ කොරියානු යුද්ධයෙන් පසුව බිඳ වැටුණු රාජ්‍යය යළි නගාසිටුවා ඇති පරිසරයක නැවත වරක් යුද්ධයකට ඉඩ නොතබන බවයි.
ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර යුද උණුසුම ආසන්න කාලයේදී වඩාත් වර්ධනය වූ අතර, පැසිෆික් සාගරයේ පිහිටි ඇමෙරිකාවට අයත් ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක්ද කළේය.
නමුත්, මේ වනවිට ඇමෙරිකාවේ ක්‍රියාව දෙස බලා ප්‍රතික්‍රියාවක් සිදුකරන්නේ යැයි උතුරු කොරියානු නායකයා පවසා ඇති පසුබිමක, දකුණු කොරියානු නායකයා මේ ආකාරයෙන් සාම මවතකින් සිය ඥාතීත්ව රාජ්‍යය සමග යළි මිත්‍රත්වය ගොඩනගා ගැනීමේ වෑයමක නිරතව සිටියි.