බ්රසීල ජනාධිපතිනී ඩිල්මා රොයුසෙෆ්ට එරෙහි දෝෂාභායෝගයෙන් කොංග්රසයේ පහළ මන්ත්රී මණ්ඩල ඡන්දය ඇයට අහිමි වී තිබේ.
මේ තත්ත්වයත් සමග ඩිලිමාගේ ධුරය ඇයට අහිමි වනු ඇති බවත්, ඒ සමගම වසර 13ක් පැරණි වාමාංශික කම්කරු පක්ෂයේ බලය අවසන් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.
මේ සමගම දහස් ගණන් ජනයා බ්රසීල වීදිවලට පැමිණ සිය ප්රීතිය ප්රකාශ කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
බ්රසීල අයවැය දත්ත වංචා කිරීම ඇයට එරෙහිව නැගී ඇති චෝදනාව වන අතර, යම් ලෙසකින් ඩිලිමාට සිය ධුරය අහිමි වුවහොත්, එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන මයිකල් ටර්මර්ට 2018 වනතුරු එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවනු ඇත.