කෙන්යාව තුළ ෂොපින් බෑග් (ප්ලාස්ටික් මිශ්රිත) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද (28දා) සිට එම බෑග් නිෂ්පාදනය, අලෙවිය හා රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, කිසිවෙකු මෙම නීතිය උල්ලංඝනය කළහොත් ඔහුට හෝ ඇයට ඇ.ඩො.38,000ක (රු.ලක්ෂ 58ක පමණ) දක්වා දඩයකට හෝ වසර 4ක සිර දඬුවමකට යටත් වීමට සිදුවේ.
කෙන්යානු රජය පවසන්නේ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම දැඩි පියවර ගනු ලැබූ බවයි.
කෙසේ වෙතත්, මෙම නීතිය නිසා බෑග් කර්මාන්තයේ නියුතු 80,000කගේ පමණ රැකියා අහිමි වන බව නිෂ්පාදකයෝ පවසති.
ඒ අනුව, මෙය එරට අධිකරණය දක්වා ගියත්, කෙන්යානු අධිකරණය පවසා නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් ඉවත දමමින්, පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම නීතිය ක්රියාත්මක විය යුතු බවට නියෝගයක් ලබාදී තිබේ.
කෙන්යාව තුළ මසකට මිලියන 24ක පමණ ෂොපින් බෑග් භාවිතයක් සිදුවන බව ගණන් බලා තිබේ.
මේ වනවිට අප්රිකානු රටවල් කිහිපයක්ම ප්ලාස්ටික් ෂොපින් බෑග් භාවිතය තහනම් කර ඇති අතර, දකුණු අප්රිකාව, රුවන්ඩාව සහ එරිත්රියාව ඒ අතර වෙයි.
පසුගිය වසර 10ක කාලය තුළ කෙන්යාව තුළ බෑග් තහනම ක්රියාවට නැංවීමට උත්සාහ කළත් ඊට විවිධ බාධා පැමිනුණු අතර, මෙවර එය ක්රියාවට නැංවීමට රජය දැඩි තීරණයක් ගෙන තිබේ.