ලංකා විදුලි සමාගමේ (LECO) සභාපතිවරයාට නවීන මර්සිඩී්ස් බෙන්ස් මෝටර් රථයක් ආනයනය කිරීම ඳසහ ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසුවේය.
මෝටර් රථ හතක් සහ කැබ් රථ දහයක් ඇතුළුව වාහන 17 ක් මිලදී ගැනීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 622 ක් වෙන් කර ඇති බවත්, පසුව එම මුදල රුපියල් මිලියන 466 දක්වා අඩු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
ලංකා විදුලි සමාගමේ (LECO) සභාපතිවරයාගේ භාවිතය සඳහා රුපියල් මිලියන 80 ක් පමණ වටිනා මර්සිඩීස් බෙන්ස්
මෝටර් රථයක් ඇණවුම් කර ඇති බව මාධ්‍ය මගින් හෙළිදරව් කළේය.