කෙන්යාවේ මහ මැතිවරණය සඳහා ජනතාව උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කළත්, මෙවර ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වන විට ප්‍රචණ්ඩක්‍රියා ඇතිවනු ඇති බවට ජනතාව තුළ බියක් පවතින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඡන්දය ප්‍රකාශ කිරීම අතරතුර එරට පත්වන් ජනපති උහුරු කෙන්යාටා රූපවාහිනියෙන් ජනතාව අමතමින් පවසා සිටියේ සන්සුන්ව ඡන්ද ප්‍රතිඵල බුක්ති විඳීමට සූදානම් විය යුතු බවයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 19ක් වන අතර, ඡන්දය ප්‍රකාශ කරන මුල් අවධියේදී එතරම් බරපතල සිදුවීම් වාර්තා වී නොතිබුණි.
මෙවර මැතිවරණයේදී ජනපති කෙන්යාටා නියෝජනය කරන පාලක පක්ෂය සමග තරග බිමට පිවිස ඇත්තේ, වසර ගණනාවක් පුරා විරුද්ධ පක්ෂයේ කටයුතු කරන රයිලා ඔඩින්ගා ය. මැතිවරණ විශ්ලේෂකයන්ට අනුව මෙවර මැතිවරණය කරට කර මැතිවරණයක් වනු ඇති බව කියැවෙයි.
55 වැනි වියෙහි පසුවන කෙන්යාටා, කෙන්යාවේ මුල්ම ජනාධිපතිවරයාගේ පුත්‍රයාය. ඔහු මෙවර මහ මැතිවරණයෙන් දෙවැනි හා අවසන් පාලන කාලය සඳහා ඡන්දය ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, මැතිවරණය ආරම්භ වීමට පෙර සති කිහිපයේ එරට ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙකු ඝාතනය කිරීම ඇතුළු ප්රචණ්ඩ ක්‍රියාවල වර්ධනය වීමක් දක්නට ලැබුණි.
ඒ අනුව, කරටකර පවතින මෙම තරගයේ ජයග්‍රහණය කරන පක්ෂය විසින් යම් ලේ වැගිරීමක් සිදුකරනු ඇති බවට ජනතාව තුළ බියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.