කෙන්යාවේ වත්මන් ජනපති උහුරු කෙන්යාටා ඊයේ (08දා) පැවති මහ මැතිවරණයෙන් පැහැදිලි ජයග්රහණයක් ලබමින් සිටින බව පූර්ව මැතිවරණ ප්රතිඵල පෙන්වා දෙයි.
මේ වනවිට 80%කට අධික ඡන්ද ගණන් කිරීම අවසන්ව ඇති අතර, ප්රකාශිත ඡන්දවලින් 55%ක් ප්රතිවාදී රයිලා ඔඩින්ගා අභිභවමින් ලබාගැනීමට කෙන්යාටා සමත්ව සිටින බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, විරුද්ධ පක්ෂ සන්ධානය පවසන්නේ මෙම පූර්ව මැතිවරණ ප්රතිඵල කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවයි.
මෙම මැතිවරණය ආරම්භයේ සිටම ඇතිවූ ප්රචණ්ඩක්රියා හේතුවෙන් මැතිවරණය අතරතුර පවා ජනාධිපතිවරයා ජනතාවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙසත්, ඡන්දය ප්රකාශ කිරීමෙන් පසුව තැන තැන රැඳී නොසිට යළිත් නිවෙස් බලා යන ලෙසත් කියා සිටියේය.
එමෙන්ම, එරට මැතිවරණ කොමිසමද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉතා සන්සුන්ව ප්රතිඵල බුක්ති විඳීමට කටයුතු කළ යුතු බවයි.
.jpg)
.jpg)
.jpg)