දකුණුදිග චීන මුහුදේ චීනය විසින් ඉදිකරමින් සිටින කෘත්‍රිම දිවයින වෙත ගුවන් යානයක් ගොඩබෑම තුළින් තම රටේ ස්වෛරීත්වයට හානියක් සිදුකර ඇති බවට වියට්නාමය චෝදනා කරයි.
වියට්නාම විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම දූපත තුළ නීතිවිරෝධී ලෙස ගුවන් පථයක් පවා ඉදිකිරීමට චීනය කටයුතු කර ඇති බවයි.
කෙසේ වෙතත්, චීනය පවසන්නේ තමන් කිසිදු රාජ්‍යයකට ස්වෛරීත්වයට තර්ජනයක් කර නොමැති බවයි. තම රටට අයත් එකී කෘත්‍රිම දිවයින තුළ ගුවන් පථය පරීක්ෂා කිරීම සඳහා මගී ගුවන් යානයක් ගොඩබැස්සූ බවද චීනය වැඩිදුරටත් පවසයි.