කුවේටයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් වෙත පසුගිය සිකුරාදා ප්‍රහාරය එල්ල කළ තැනැත්තා සෞදි ජාතිකයෙකු බව හඳුනාගෙන තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ෆහාඩ් සුලෙයිමාන් අබ්දුල් මොහේසන් අල්-ඛාබා ලෙස මොහු හඳුනාගෙන තිබේ.
සිකුරාදා ප්‍රහාරය සිදුකිරීමට පැය කිහිපයකට පෙර ඔහු කුවේටය වෙත පැමිණ ඇති අතර, ප්‍රහාරයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
IS ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීහු මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, මෑත කාලයේදී කුවේටය තුළ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ අතිශය ක්රෑරතම ප්‍රහාරය ලෙස මෙය හැඳින්වෙයි.