තුර්කිය විසින් නිකුත් කළ වරෙන්තුවකට අනුව ප්‍රකට සිරියානු-කුර්දි නායකයෙකු චෙක් ජනරජයේ අගනුවර වන ප්රාග් හිදී අත්අඩංගුවට පත්ව තිබේ.
සිරියානු-කුර්දි ව්‍යාපාරය හෙවත් ඩිමොක්රටික් යූනියන් පක්ෂයේ හිටපු සභාපතිවරයා ලෙස සැලකුණු සලේහ් මුස්ලිම් අද (25දා) උදෑසන මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
තුර්කි අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ ඔහු සිය රටට ගෙන්වා ගැනීම සඳහා වූ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.
තුර්කිය විසින් ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස සලනක අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අයෙකුට ඇ.ඩො.මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවද පවසා තිබුණි.
2016 පෙබරවාරි මාසයේ අන්කාරා වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ඇඟිල්ල දිගු කෙරුණු අතර, එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.