කිලෝග්‍රෑම් 500ක් දක්වා බරක්ද රැගෙන ගස් හා වෙනත් බාධක අතරින් ගමන් කළ හැකි ලෙස සැලසුම් කළ ඩ්‍රෝන යානය මෙම වසර අවසනයේදී සාර්ථකව සිය ගමන අරඹනු ඇති බව එය නිර්මාණය කරන ඊශ්‍රායල් සමාගම පවසයි.
එයාර්මූල් යනුවෙන් නම් කෙරුණු මෙම ඩ්‍රෝන යානයේ පරීක්ෂණ ගමන් වාරයන් මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.
එය මීළඟ දශකයේදී යුද ආම්පන්න ප්‍රවාහනයේ සාර්ථක යානයක් බවට පත්වනු ඇති බවද එම සමාගමේ විශ්වාසයයි.
මෙම යානය සුවිශේෂී යානයක් වුවත්, එහි ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් සෑහීමකට පත්විය නොහැකි බව ඊශ්‍රායල් විද්‍යාඥයෙකුම පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම ඩ්‍රෝන යානය සැලසුම් කිරීම වෙනුවෙන් ඊශ්‍රායල් රජයද අදාල සමාගමට මූල්‍ය දායකත්වයක් සපයා ඇති බවද කියැවෙයි.
අදාළ සමාගම පෙන්වා දෙන්නේ ඉදිරියේදී යුද බිමේදී දරුණු ලෙස තුවාල ලැබූ සොල්දාදුවෙකු අත්හැර දැමීමක් සිදු නොවනු ඇති බවයි. මෙම යානය මගින් ඔවුන් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි බවද අදාළ සමාගම පෙන්වා දෙයි.