කියුබානු ගුවන් අනතුරේ මරණ 110යි - කළු පෙට්ටි දෙකෙන් එකක් හමුවෙයි
මිනිස් ජීවිත 110ක් අහිමි කරමින් අනතුරට පත් කියුබානු ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් හමුවූ බව කියුබානු බලධාරීහු පවසති.
කියුබාවේ හවානා ගුවන් තොටුපොළ ආසන්නයේදී ඊයේ (19දා) මෙම අනතුර සිදුව තිබුණි.
කියුබානු ප්‍රවාහන අමාත්‍ය අඩෙල් යුස්කුඒර්ඩෝ පවසා සිටියේ දැනට හමුවී ඇති කළු පෙට්ටිය හොඳ තත්ත්වයෙන් පවතින බවයි. එමෙන්ම, දෙවැනි කළු පෙට්ටිය ඉතා ඉක්මණින් සොයා ගැනීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
මේ වනවිට අනතුර හේතුවෙන් මියගිය පිරිස 110ක් බවට පත්ව ඇති බවත්, ඒ අතර විදේශිකයන් 11 දෙනෙකු සිටින බවත් අමාත්‍යවරයා තහවුරු කළේය.
මෙම අනතුරින් කාන්තාවන් තිදෙනෙකුගේ ජීවිත බේරී තිබුණත් ඔවුන් දරුණු පිළිස්සුම් තුවාල ලබා තිබූ නිසා ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවද සඳහන් කළේය.
දශක කිහිපයක කාලයේ කියුබාව තුළ සිදුවූ අතිශය දරුණුම ගුවන් අනතුර ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    



 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                