කිම් ජොන්ග්-නාම් හිලව්වට මැලේසියානුවන්ට නිදහස
උතුරු කොරියනු නායකයාගේ මියගිය සහෝදරයාගේ දේහය යළි එරටට භාරදීමත් සමග උතුරු කොරියාවේ රඳවාගෙන සිටි මැලේසියානු ජාතිකයන් නව දෙනෙකුට යළි සිය රට වෙත පැමිණීමට අවස්ථාව හිමිව තිබේ.
පසුගිය මාසයේදී මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී කිම් ජොන්ග්-නාම් කාන්තාව විසින් සිදුකරන ලද විෂ ශරීරගත කිරීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත්, මෙම මරණය උතුරු කොරියාවේ උවමනාව මත සිදුවූවක් බවට නැගෙන චෝදනා සමග ඔහුගේ මෘත ශරීරය භාරදීම සම්බන්ධයෙන් දෙරට අතර මතභේදකාරී තත්ත්වයක් ඇති විය.
දකුණු කොරියාව විසින් මෙම චෝදනාව දැඩිව සිදුකළත් උතුරු කොරියාව එය ප්රතික්ෂේප කළේය.
ඒ අනුව, මාසයකට අධික කාලයක් මැලේසියාවේ තැන්පත් කර තිබූ කිම් ජොන්ග්-නාම් ගේ මෘත ශරීරය පසුගියදා ප්යොන්ග්යැන් පාලනය වෙත භාරදීම නිල වශයෙන් සිදුවිය.
කිම් ජොන්ග්-උන්ගේ අර්ධ සහෝදරයෙකු ලෙස සැලකෙන කිම් ජොන්ග්-නාම් හිටපු උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-ඉල්ගේ වැඩිමහල් පුත්රයෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

