උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස චීනයේ බිජිං නුවර වෙත ළඟා වී ඇති බවට ජපාන සහ දකුණු කොරියානු මාධ්‍ය අනාවරණය කර තිබේ.
කෙසේ වෙතත්, චීනය වෙත උතුරු කොරියානු රාජතාන්ත්‍රික දුම්රියකින් ළඟවී ඇති මෙම ප්රමුඛ රාජතාන්ත්‍රිකයා බොහෝ දුරට කිම් ජොන්ග්-උන් විය හැකි බව විශ්වාස කිරීමට ඔහු සඳහා චීනයේදී ලබා දී ඇති දැඩි ආරක්ෂාවද හේතු වී තිබේ.
මේ අතර, දකුණු කොරියාව පවසා සිටියේ ඔවුන් මෙම රාජතාන්ත්රිකයාගේ අනන්‍යතාව තවමත් හෙළි කරගෙන නොමැති නමුදු, මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිලිමත්භාවයකින් බලා සිටින බවයි.
කෙසේ වෙතත් මෙය සත්‍යයක් නම් එය උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් 2011 වසරේ බලයට පත්වීමෙන් පසුව සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය බවට පත්වනු ඇත.
මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව හෝ චීනය නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නැතත්, මෙය සැබෑවක් නම් එය උතුරු කොරියාව සම්බන්ධයෙන් ලෝක මතයෙහි සුවිශේෂී වෙනසක් සිදුකරන්නක් විය හැකි බවද දේශපාලන විචාරකයෝ පවසති.