කැනඩාවේ ලැව්ගිනි ආශ්රිත ප්‍රදේශයට බලපෑ හිරිපොද වැසි හා සුළං තත්ත්වය නිසා අතිශය දරුණු ලෙස පැතිර යමින් පැවති ලැව්ගිනිවල චණ්ඩ බව පහව යනු ඇති බවට බලධාරීහු විශ්වාසය පළ කරති.
මේ අතර එරට රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉදිරියට අතිශය භාරධුර කර්තව්‍යයක් සියලු දෙනාට පැවරී තිබුණත්, යම් ආකාරයක අස්වැසිල්ලක් ලැබිය හැකි වාතාවරණයක් පිළිබඳ විශ්වාස කරන බවයි.
ගින්නෙන් දැඩි අලාභානි සිදුවූ ෆෝට් මැක්මුරේ පළාතේ නිවාසවලින් පහෙන් එකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත්, 80,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කර යොමුකර ඇති බවත් කියයි.
කෙසේ වෙතත්, මෙම ගින්න නිවා දැමීම සඳහා පසුගිය දින කිහිපය පුරා කැනඩා රජය වැයකර ඇති මුදල ඩොලර් බිලියන ගණනක් වන අතර, මෙය ඔවුන් මුහුණදුන් වඩාත් දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් ලෙසද ඉතිහාසගත වන බව විදෙස් වාර්තා පවසයි.