කැනඩාව තුළ වසර නවයකට ආසන්න කාලයක් පැවති කන්සර්වේටිව් පාලනය බිඳ දමා එරට ලිබරල් පක්ෂය මෙවර මැතිවරණයෙන් ඉහළ ජයක් ලබාගෙන තිබේ.
ඒ අනුව මූලික ප්රතිඵලය අනුව කැනඩාවේ මැතිවරණ කොට්ඨාස 185 ක බලය දිනා ගනිමින් පෙරමුණ ගැනීමට ජස්ටින් ටෘඩේයුගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය සමත්ව ඇත.
මෙවර මැතිවරණයෙන් හිටපු අගමැති ස්ටීවන් හාපර් වෙත දිනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ මැතිවරණ කොට්ඨාස 103 ක් පමණි.
කැනඩාවේ හිටපු අග්රාමාත්යවරයෙකු වන පියරේ ටෘඩේයුගේ පුත්රයා වන ජස්ටින්, 43 හැවිරිදි වියේ පසුවන අතර, සිය ජයග්රහණය වාර්තාවීමත් සමගින්ම එහි සතුට සිය මව සහ බිරිඳ සමගින් බෙදා ගත් ඔහු, සිය ආධාරකරුවන් අමතා, දැන් වෙනස්වීමට කාලය බව සඳහන් කර සිටියේය.