කැනඩාවට වයස 150 යිලු - ස්වදේශික මතය වෙනස්
(UPDATE) නූතන කනඩාව බිහිවී වසර 150ක් ගතවීම සිහි කැඳවමින් රට පුරා විවිධ උත්සව, සැණකෙළි පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම, ඔටාවා නගරය වෙත දැවැන්ත ජනකායක් පැමිණෙනු ඇති බව විශ්වාස කරන අතර, පවතින වැසි සහිත කාලගුණයද නොතකා ජනතාව මේ සඳහා උනන්දුවෙන් සහභාගී වී සිටි බව සඳහන් වේ.
අගනුවර පැවැත්වෙන විශේෂ සැණකෙළි හා සැමරුම් උත්සව සඳහා බොහෝ පළාත්වලින් ජනතාව පැමිණ ඇති අතර, රාත්‍රී කාලයේ දැවැන්ත ගිනිකෙළි සංදර්ශනය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගෙන ඇති බවද වාර්තා වෙයි.
"කැනඩාවට 150 සපිරීම සමරන්න වෙන්නෙ එක වතාවයි. බොහෝ වෙලාවට 200 සමරන විට අපි ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්" යැයි පවසා සිටියේ මෙම සැමරුම් උත්සව වෙනුවෙන් පැමිණ සිටි අයෙකි.
සැමරුම් උත්සව අතර කැනඩාවේ සුපිරි ගායන තරු සහභාගී වන සංගීත ප්‍රසංගයක්, කැනේඩියානු ගුවන් කරණම්, නවක කැනේඩියානුවන් සඳහා වූ පුරවැසි සැමරුම් ද පැවති බව කියයි.
එමෙන්ම, මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුද කැනඩාවේ නිල සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙස සහභාගි වී සිටියි.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පවසා සිටියේ සමාජයක් ලෙස අප අතීතයේ සිදුවූ වැරදිවලින් පාඩම් උගත යුතු බවයි. විශේෂයෙන්ම කැනඩා දේශය බිහිවීමට පෙර සිටම එරට රැඳී සිටි ස්වදේශික ජනතාවට කැනඩාව තුළ බොහෝ අසාධාරණකම් සිදුව තිබීම ඔහුගේ මෙම කතාවෙන් ගම්‍ය වන්නකි.
බොහෝ ස්වදේශිකයන් කැනඩාවේ 150 වැනි සැමරුම ප්‍රතික්ෂේප කර සිටින්නේද, ඔවුන් ඊට වසර සිය දහස් ගණනකට පෙර කැනඩාවේ ජනාවාසව සිටි බැවිනි.
මේ තත්ත්වය තුළ කැනඩාවේ 150 වැනි සැමරුමට සමගාමීව විරෝධතා රැළි කිහිපයක්ද සංවිධානය වී ඇති අතර, ඔවුන් පවසන්නේ 150 වැනි සැමරුම අර්ධ සත්‍යයක් සැමරීමක් බවය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

