කැනඩාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 17ක නව යොවුන් වියේ තරණයෙකු බව එරට පොලීසිය පවසයි.
බාල වයස්කරුවෙකු හේතුවෙන් නම සඳහන් නොකෙරෙන නමුත්, මෙම තරුණයාට එරෙහිව මිනී මැරුම් චෝදනා ගොනුවනු ඇති බව කියැවෙයි.
ලා ලොෂේ පාසලේදී සහ තවත් ස්ථානකදී සිදුවූ වෙඩි තැබීම්වලදී පුද්ගලයන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඉන් දෙදෙනෙකු මෙම තරුණයාගේ සහෝදරයන්ය. එමෙන්ම, මෙම වෙඩි තැබීමෙන් එම නගරයේ වැඩබලන නගරාධිපතිවරයාගේ දියණියද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 23 වැනි වියෙහි පසුවූ ඇය සිද්ධියට අදාළ පාසලේ ගුරුවරියක ලෙස සේවය කර ඇත.