කැනඩාවේ පාසල් ශිෂ්‍යයෙකු විසින් සිදුකරන ලද වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දශක කිහිපයකට පසුව කැනඩා ඉතිහාසයේ සිදුවූ දරුණුතම පාසල් වෙඩි තැබීම ලෙස එරට මාධ්‍ය මෙය හුවා දක්වා තිබේ.
ලා ලොෂේ නගරයේ උසස් පාසලකදී මෙම වෙඩි තැබීම සිදුකිරීමට පෙර සැකකරු සිය නිවසේදී ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුව පාසල වෙත පැමිණ විවෘත වෙඩි තැබීමක් සිදුකර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් එම නගරයේ වැඩබලන නගරාධිපතිවරයාගේ දියණියද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 23 වැනි වියෙහි පසුවූ ඇය සිද්ධියට අදාළ පාසලේ ගුරුවරියක ලෙස සේවය කර ඇත.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ප්‍රහාරය සිදුවූ ස්ථානයට කිලෝමීටර් 600ක් පමණ දුරින් වූ සස්කටූන් නගරයේදී සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
කැනඩා පොලීසිය සැකකරු පිළිබඳ විස්තර මාධ්‍ය වෙත අනාවරණය නොකර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සිදුකෙරයි.