කාසි 1,000කට වඩා ගිල දමා තිබූ විශාල මුහුදු කැස්බෑවෙකු එම කාසි ඉවත්කිරීම සඳහා සිදුකළ ශල්‍යකර්මයකින් පසුව රුධිරය විෂවීමකින් මියගොස් තිබේ.
අවුරුදු 25ක් පමණ වයසැති මෙම කැස්බෑවා සඳහා පසුගිය ඉරිදා සිදුකළ දෙවැනි ශල්‍යකර්මයෙන් පසුව එම සත්වයා කේමා තත්ත්වයකින් පසුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔම්සින් හෙවත් 'ඌරු බැංකුව' යන නාමයෙන් හඳුන්වා ඇති මෙම කැස්බෑවා ජීවත් වූ ජල ටැංකියට මිනිසුන් විසී කරන කාසි කා දැමීමට ඌ පුරුදුව ඇති බවත්, පසුව එම ටැංකියෙහි වූ කාසි ඉවත් කළද ඒ වනවිටත් කිලෝ ග්‍රෑම් පහකට අධික කාසි මෙම සතා විසින් ගිල දමා තිබූ බවත් අනාවරණය වී ඇත.
මෙම කාසි උගේ කැස්බෑ කටුවටද හානි පමුණුවා තිබූ නිසා අවසානයේදී පැය හතකට අධික කාලයක් මෙම සත්වයා ප්‍රථම ශල්‍යකර්මයට බඳුන් වී ඇති අතර, පසුව දෙවනුව සිදුකළ ශල්‍යකර්මයේදී ඌ මියගොස් තිබේ.