බුදුරජාණන් වහන්ස්ගේ ධාතූන් වහන්සේලා කාම්බෝජයේ කඳුකර බෞද්ධ ආරාමයක් වෙත වැඩම කරවීම පෙනොම් පෙන් අගනුවර සිට දර්ශනීය පෙරහරකින් වෙසක් පුන් පොහෝ දින සිදුකෙරිණි.
බෞද්ධ රාජ්‍යයක් වන කාම්බෝජය තුළ මෙම අසිරිමත් පෙරහර සෑම වසරකම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුකෙරෙන වෙසක් පුන් පොහෝදා සිදුකෙරෙන අතර, සැදැහැවතුන් දහස් ගණනින් ඊට සහභාගී වෙති.
මීට වසර තුනකට පමණ පෙර එම ධාතූන් වහන්සේලා තැන්පත් කෙරෙන කඳුකර බෞද්ධ ආරාමයේ සිදුවූ සොරකමක් හේතුවෙන් එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, පසුව එහි ආරක්ෂාව තර කිරීමට එරට රජය කටයුතු කළේය.