ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ IS බෝම්බ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 25 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතර ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද සිටින අතර, ඔවුන්ගෙන් එක් අයෙකු කාබුල් නගරයේ ප්‍රංශ පුවත් සේවය වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානතම ඡායාරූප මාධ්‍යවේදියා වන ෂාහ් මාරායි ය.
පළමු ප්‍රහාරය යතුරුපැදියක පැමිණි ප්‍රහාරකයෙකු විසින් සිදුකර තිබුණු අතර, ඉන් විනාඩි 15කට පමණ පසුව දෙවැනි ප්‍රහාරය එම ස්ථානයට ජනතාව හා වාර්තාකරුවන් රැස්වූ අවස්ථාවේදී එල්ල කර තිබුණි.
මෙම ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගෙන තිබේ.
ප්‍රංශ පුවත් සේවය පවසා තිබුණේ මෙම දෙවැනි ප්‍රහාරය හිතාමතාම එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීන් ඉල්ල කර එල්ල කරන ලද්දක් බවයි.
කාබුල් ආරක්ෂක අංශ පවසා සිටියේ මියගිය අය අතර මාධ්‍යවේදීන් 8 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද සිටින අතර, සිද්ධියෙන් තවත් 45කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.