කාබුල් නුවර ෂියා මුස්ලිම්වරු වෙත ප්‍රහාරයක් - 40ක් නසී
(UPDATE) කාබුල් නුවර ෂියා සංස්කෘතික සහ ආගමික මධ්‍යස්ථානයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය පිරිස 40කට ආසන්න බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, සිද්ධියෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා තිබේ. මරාගෙන මැරෙන ප්‍රහාරය සමග ප්‍රදේශයේ තවත් පිපිරිම් දෙකක් සිදුව ඇති බව එරට අභයන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
01.25pm ඇග්ගනිස්ථානයේ, කාබුල් අගනුවර ෂියා සංස්කෘතික සහ ආගමික මධ්‍යස්ථානයක් ආසන්නයේ සිදුවූ පිපිරීඹක් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් විය හැකි බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා කළත්, බෝම්බ පිපිරීමේ වගකීම කිසිවෙකු විසින්වත් භාරගෙන නොතිබුණි.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නන්ද සිටින බැවින් සිද්ධියෙන් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර, සමාජජාල මාධ්‍යවල හුවමාරු වූ ඡායාරූපවලින් කියවුණේ අදාළ මධ්‍යස්ථානයේ මිදුල පුරා මියගිය පිරිස්වල සිරුරු විසිරී තිබූ ආකාරයයි.
ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය බලධාරීන්ට අනුව තුවාල ලැබූ පිරිස 6ක් ලෙස කියවුණත්, ඇෆ්ගන් මාධ්‍ය වාර්තාවන්ට අනුව එම අගය වැඩිවිය හැකි බවද විශ්වාස කෙරෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


