ඇෆ්ගනිස්තානයේ, කාබුන් නුවර ඇමෙරිකානු විශ්වවිද්‍යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ රාත්‍රී එල්ල කෙරුණු මෙම ප්‍රහාරයේදී මියගිය පිරිසෙන් 7 දෙනෙකු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් බවත් කියැවෙයි.
විශ්වවිද්‍යාල භූමියට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති අතර, පැය 10කට අධික කාලයක් පුරා සිදුවූ මෙහෙයුමකින් පසුව ප්‍රහාරකයන් දෙදෙනාවද ඝාතනය කිරීමට ආරක්ෂක අංශ සමත් වී ඇත.
ඊයේ රාත්‍රී විශාල පිපිරීමක් සමග මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරය අවස්ථාවේදී සිසුන් මෙන්ම කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුට විශ්වවිද්‍යාල ගොඩනැගිලි තුළ සැඟව සිටීමට සිදුව ඇත්තේ ප්‍රහාරකයන් ඝාතනය කරන තුරු ඔවුන්ට පිටතට නොපැමිණෙන ලෙස පොලීසිය විසින් අවවාද කිරීම නිසාය.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින්වත් භාරගෙන නොතිබුණත්, මෙය තලේබාන් සංවිධානය හෝ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක ප්‍රහාරයක් බව විශ්වාස කෙරෙයි.
ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු හා විශ්වවිද්‍යාල ආරක්ෂකයන් තිදෙනෙකුද වන අතර, තවත් සිසුන් 35 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණි. එමෙන්ම, පොලිස් නිලධාරීන් නව දෙනෙකුද තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි.
කාබුල් නුවර ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ සිසුන් 750ක් පමණ ඉගෙනුම ලබන අතර, එහි විදේශීය ආචාර්යවරුන්ද ඉගැන්වුම් කටයුතු සිදුකරයි.