ඇෆගනිස්ථානයේ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිවිසුම් දොරටුව අභියස අද (17දා) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පොලිස් පුහුණුව සඳහා පැමිණ සිටින යුරෝපීය පොලිස් පුහුණු කණ්ඩායම් සහ හමුදා වාහන ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මියගිය දෙදෙනෙකු නව යොවුන් වියේ තරුණියන් දෙදෙනෙකු බවත්, අනෙක් තැනැත්තා මරාගෙන මැරෙන බෝම්බකරු බවත් කියැවෙයි.
ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇත.