ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී කාන්තාවකට පහරදී මරා දැමීම ඇෆ්ගනිස්තානයේ බලවත් උලෙමාවරුන්ගේ මණ්ඩලයක් විසින් හෙලා දැක ඇති බව විදෙස් වාර්තා පවසයි.
ෆාකුන්ඩා නමින් හැඳින්වෙන එම කාන්තාව යහපත් කාන්තාවක බවත්, ගුරුකම් කරන ලද සුර විකිණීමට එරෙහිවීමට ඇයට අයිතියක් ඇති බවත් උලෙමාවරුන්ගේ මණ්ඩලය පවසයි.
කාබුල් මුල්ලාවරයකු විසින් ඒවා විකුණමින් සිටියදී ඊට විරෝධය පළ කිරීම ඇයට මරණය හිමිවීමට හේතු විය.
මෙම ඝාතනයත් සමග ප්රකෝප වූ ජනතාව එම ඝාතකයන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ අතර, ඇය මරා දැමීමට අණ දුන් පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.