පාකිස්තානයේ ඉස්ලාම් මතවාදී මණ්ඩලය විසින් කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා නව නීති කෙටුම්පතක් හඳුන්වාදෙමින්, කාන්තා රැකවරණය සහතිකර කරනු වස් සිය බිරිඳට සුළු වශයෙන් පහරදීමේ අයිතිය ස්වාමි පුරුෂයාට හිමිවන බව පවසා තිබේ.
බී.බී.සී.ය පෙන්වාදෙන පරිදි මෙම නව නීති කෙටුම්පතට අනුව සිය බිරිඳ ස්වාමියාගේ නියෝග පිළිනොපැද ක්රියාකිරීම, ස්වාමියාගේ අභිමතයට ගරු කරමින් ඇඳුම් ඇඳීම ප්රතිෂේප කිරීම, නාඳුනන පුද්ගලයන් සමගින් අනුමැතියකින් තොරව කතාබහ කිරීම හෝ සම්බන්ධතා පැවැත්වීම සහ ඉතා උස් හඬින් කතා කිරීම යන අවස්ථාවලදී ඇයට සුළු වශයෙන් පහර දීමට ස්වාමියාට අවස්ථාව හිමිවෙයි.