සුඩානයේ, කාර්ටුම් අගනගරයේ සාදයක කලිසම්වලින් සැරසී සිටි සුඩාන කාන්තාවන් 24 දෙනෙකු අශිෂ්ටත්වය යටතේ දඬුවමට ලක්ව තිබේ.
එරට සදාචාර පොලීසිය විසින් මෙම කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙම කාන්තාවනට කස පහර 40 බැගින් දඬුවම් ලෙස විඳීමට සිදුවන අතර, ඔවුන් පවසන ආකාරයේ අශ්ලීල ඇඳුම්වලින් සැරසීමේ වරදට දඩ මුදලකටද යටත් වීමට සිදුවනු ඇති බව සඳහන් වෙයි.
බහුතර මුස්ලිම් ජනගහනයක් ජීවත්වන සුඩානයේ ජීවත්වන සුළුතර ක්රිස්තියානි ජනතාව මේ දැඩි නීතිරීති හේතුවෙන් පීඩාවට පත්වන බවත් කියැවෙයි.
මෙය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ, කිසිවෙකුට ඇතුළු නොවිය හැකි ලෙස සම්පූර්ණයෙන් ආවරණය වූ ශාලාවක පවත්වා ඇති බවද සිහිපත් කරමිනි.