ඉන්දුනීසියානු ක්රීඩා ඇඳුම් නිෂ්පාදන සමාගමක් විසින් කාන්තාවන්ට අපහාස වන අන්දමේ ප්රකාශයක් තම කමිස ලේබල්වල අඩංගු කිරීමෙන් ඇති වූ මතභේදයකින් පසු එම සමාගම ප්රසිද්ධියේ සමාව ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
එහිදී, කමිස ලේබලයේ එය සේදීම සම්බන්ධ උපදෙස් යටතේ 'මේ කමිසය කාන්තාවකට දෙන්න. එය ඇයගේ කාර්යයක්' යනුවෙන් සඳහන් වීමෙන් මෙම විරෝධතාව ඇති වී තිබේ.
ලෝක කාන්තා දිනය යෙදෙන අද දිනයේදී මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් සමාජජාල අඩවි හරහා ඇති වීමත් සමග එම සමාගම මෙසේ සමාව ඉල්ලා ඇත.
එම ලේබලය මගින් කිසිසේත්ම කාන්තාවන් අපහසුතාවට පත්කිරීමක් හෝ ඇය හෙලා දැකීමක් අදහස් නොකළ බව පවසන එම සමගම ඇඳුමක් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න කාන්තාවකගෙන් දැනගන්න යන්න ඉන් අදහස් කළ බව පවසයි.