කනබොන දේකට මැස්සෙක් වැහුවොත් දෙපාරක් හිතන්න
ගෘහාශ්‍රිතව මැස්සා සහ ඉහඳ මැස්සා මීට පෙර විශ්වාස කළ ප්‍රමාණයට වඩා විශාල විෂබිජ ප්‍රමාණයක් රැගෙන යන වාහකයෙකු බව විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබේ.
ඒ අනුව, මෙම මැස්සන් 600කට අධික විවිධ බැක්ටීරියා ප්‍රමාණයකට රැකවරණය දෙන බව එම විද්‍යාඥයන් විසින් සිදුකළ .ඩී.එන්.ඒ. විශ්ලේෂණයකින් තහවුරු වී තිබේ.
මෙම බැක්ටීරියා බොහෝමයක් උදරය ආශ්රිත රෝගකාරක ජීවීන්, ලේ විෂවීම, නියුමෝනියාව ඇතුළු මිනිසුන්ට ඇතිවන විවිධ ආසාධන රැසකට හේතුකාරක වන බවද එහිදී තහවුරු වී ඇත.
විශේෂයෙන්ම මෙම මැස්සන්ට උන්ගේ පාද හා පියාපත් ආශ්‍රිතව බැක්ටීරියා රැගෙන යාමේ හැකියාවක් පවතින බවත්, එම මැස්සන් තමන සෑම පියවරක් පාසාම බැක්ටීරියා පැතිරීම සිදුවන බවත් එම පර්යේෂණයෙන් වැඩිදුරටත් තහවුරු වී තිබේ.
එහිදී, අපද්‍රව්‍ය මත, සත්ත්ව මළපහ මත හෝ මළ සිරුරු මත වැසීමෙන් පසු ඒ සියල්ල ආහාර මත හෙළමින් ඒවා විනාශ කිරීම වැනි සනීපාරක්ෂාවට හානිකර චර්යාවට ගෘහාශ්‍රිත මැස්සන් බෙහෙවින් ප්‍රචලිත අතර, උන් සත්ත්ව සහ ශාක රෝගකාරක රැසක වාහකයෙකු ලෙස ක්‍රියාකරන බව විශ්වාස කෙරෙයි.
මේ අතර, ඉහඳ මැස්සා සත්ත්ව මළසිරුරු මත බහුලව දැකිය හැකි අතර, විශේෂයෙන් නගරාශ්‍රිත පෙදෙස්වල ආහාර සඳහා මාංශ සකස්කරන ස්ථාන, කසළ බහාලන ස්ථාන හා සතුන් මරණ ස්ථානවල බහුලව හමුවන අතර, මෙම ඉහඳ මැස්සාද රෝගකාරක රැසක වාහකයෙකු ලෙස ක්‍රියාකරන බව විශ්වාස කෙරෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


