ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය තවදුරටත් ඔඩුදුවන වචන පාව්චිචිය හා ක්රියාකාරකම්වලින් වැළකී සිටින ලෙස චීන ජනපති ෂී ජින්පින් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් වෙත දැඩි ඉල්ලීමක් කර තිබේ.
මෙම වාග් ප්රහාරයන් උච්චතම අවස්ථාවට පැමිණීම ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත වෙත දිගුදුර මිසයිල ප්රහාරයක් දියත් කරන බවට උතුරු කොරියාවෙන් තර්ජනාත්මක වදන් පැමිණීම දක්වා වර්ධනය විය.
මේ තත්ත්වය තුළ ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ පෙර නොවූ විරූ කෝපාග්නියකට උතුරු කොරියාවට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත්, මේ ඇතිවී තිබෙන උණුසුම්කාරී වාතාවරණය තවදුරටත් කලාපය අස්ථාවර කරන්නක් බව දකින කලාපයේ බලවතා වන චීනය මෙම බලවත් ඉල්ලීම් ඇමෙරිකාවෙන් ඉල්ලා තිබීම පුදුමයට කරුණක් නොවේ.
යම් ලෙසකින් උතුරු කොරියාව මිසයිල ප්රහාරයක් දියත් කළහොත්, එය ඇමෙරිකාව මෙන්ම ඔවුන්ගේ මිත්ර පාර්ශ්ව විසින් උතුරු කොරියාව වෙත පහරදීමක් සිදුකරන අවස්ථාවක් බව නොකිවමනාය.
මෙය සෘජු ලෙසම කලාපය අස්ථාවර වන හා ලෝක ආර්ථිකයටද සෘජුව බලපාන ගැටුමක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම උතුරු කොරියාවද මේ ආකාරයෙන් තම පහරදීම් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදුකර තිබුණත්, ඔවුන්ද උපායමාර්ගික ක්රියාවක් හැර සැබෑ පහරදීමකට සූදානම් නොමැති බවටද මත පවතී.