ඔස්ට්‍රේලියාවෙන් අයිස් පාලනයට කාර්යය සාධක බලකායක්
ඔස්ට්‍රේලියාවට මහත් හිසරදයක් වී ඇති 'අයිස්' (crystal methamphetamine) මත්ද්‍රව්‍ය භාවිතය පාලනය සඳහා විශේෂ ජාතික කාර්ය සාධක බලකායක් ඇති කිරීමට එරට රජය කටයුතු කර තිබේ.
මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජනතාව අතට පත්වන ආකාරය සොයා බලමින්, එය සම්පූර්ණයෙන්ම ඔස්ට්‍රේලියාවෙන් තුරන් කිරීමේ අරමුණින් මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ අපරාධ කොමිෂම විසින් මෙම 'අයිස්' මත්ද්‍රව්‍ය වෙනත් මත්ද්‍රව්‍යවලටත් වඩා බලපෑමක් ඔස්ට්‍රේලියානු සමාජය වෙත සිදුකරන බව පැවසීමත් සමග මෙම තීරණයට එරට රජය එළැඹ තිබේ.
රටේ පුරවැසියෙකු ලෙසත්, පියෙකු ලෙසත් අපේ මග තොටේදී, නිවසේදී සිදුවන දේ ගැන මා සොයා බැලිය යුතුයි. සෙසු මත්ද්‍රව්‍යවලට වඩා මේ කෙරෙහි ඇතිවන ඇබ්බැහි වීම වැඩියි. ඒ වගේම, ඉන් සිදුවන හානිය අතිශය බරපතලයි යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති ටෝනි ඇබොට් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                