බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කර අත්අඩංගුවට පත්වී පැපුවා නිව්ගිනියාවේ මානුස් දූපත් කඳවුරේ රැඳී සිටින සරණාගතයන් හා ආරක්ෂක අංශ අතර පසුගිය ඉරිදා සහ සඳුදා ඇතිකරගත් ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව ඔස්ට්‍රේලියා සහ පැපුවා නිව්ගිනියා බලධාරීහු පවසති.
මෙම ගැටුම් හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් 77 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා විය.
එහිදී පැපුවා නිවුගිනියා පොලීසිය වෙඩි තැබීමක් සිදුකළේද යන්න පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙයි. එහිදී, අයිතීන් පිළිබඳ සංවිධාන පෙන්වා දුන්නේ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බවයි.