ඔස්ට්‍රේලියානු සංක්‍රමණික නීතිය අභියෝගයට ලක්වෙයි
දේශපාලන රැකවරණය පතමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් එරට අනුගමනය කරන ප්‍රතිපත්තිය එරට මහාධිකරණයේදී අද (14දා) අභියෝගයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් ඇතුළු පුද්ගලයන් 157 දෙනා සම්බන්ධ නඩුව අද විභාගයට ගෙන තිබුණ අතර, ඔස්ට්‍රේලියානු රේගුවට අයත් නැවක, එම පිරිස නීති විරෝධී ලෙස මාසයක පමණ කාලයක් රඳවා තබා ගෙන සිටි බවට ඔවුන්ගේ නීතිඥයන් මෙහිදී තර්ක ඉදිරිපත් කර ඇත.
එම නඩුවට අමතරව දේශපාලන රැකවරණ පතා පැමිණි යුවළකටදාව, ඔස්ට්‍රේලියාවේ උපත ලත් දරුවකු සම්බන්ධ නඩු විභාගයක්ද අද එරටදී විභාගයට ගෙන තිබේ.
එම දරුවා වෙනුවෙන් පෙනී සිටි නිතීඥයා පවසා ඇත්තේ එම දරුවාට මෙන්ම, මෙවැනිම තත්ත්වයන්ට පත්ව ඇති දරුවන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය අහිමි කොට ඇති ස්ථිර රැකවරණ වීසා ලබාදීමට පියවර ගත යුතු බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

