ඔස්ට්‍රේලියාවේ ක්‍රවුන් කැස්නෝ වංචාවක් හෙළිවී දඩයක් පැනවේ
ඔස්ට්‍රේලියාවේ විශාලතම කැසිනෝ සමාජ ශාලා ජාලය ලෙස සැලකෙන ක්‍රවුන් රිසෝට්ස් වෙත අයත් ක්‍රවුන් කැසිනෝ ඔට්ටු තැබීමේදී වංචා සිදුකරන බවට චෝදනා ලබමින් ඇ.ඩො.225,000ක දඩයකට යටත්ව තිබේ.
වඩාත් ආන්දෝලනාත්මක චරිතයක් වූ ජේම්ස් පැකර් එවකට සභාපතීත්වය දැරූ ක්රවුන්ස් රිසෝට්හි වත්මන් සභාපතිවරයා වන්නේ රොබට් රැන්කින් ය.
ඔස්ට්‍රේලියාව විසින් මේ ආකාරයෙන් කැසිනෝ සමාජ ශාලාවකට එරෙහිව දැඩි නියාමනයක් පැනවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
විශේෂයෙන්ම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන යන්ත්‍රවලින් මෙම වංචාව ඔවුන් සිදුකර ඇති බව මූලික වශයෙන් සොයාගෙන ඇති අතර, මෑත කාලීනව ක්‍රවුන් රිසෝට්ස් ලැබූ අපකීර්තිමත් අත්දැකීම්වල නවතම අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
එවකට මෙහි සභාපතීත්වය ඉසිලූ ජේම්ස් පැකර් මේ වනවිට මානසික ආබාධයකට ප්‍රතිකාර ලබන බවද විදෙස් වාර්තාවල දැක්වුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

