ඔස්ට්‍රේලියාවට මේ දිනවල බලපා ඇති දැඩි අව්රශ්මිය හේතුවෙන් වවුලන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වර්ෂ 1939 න් පසුව සිඩ්නි නගරය එදාමෙදා තුර මුහුණදුන් උණුසුම්ම දිනය වාර්තා කළේ සෙල්සියස් අංශක 47.3ක උපරිම උෂ්ණත්ව අගයක් පෙන්නුම් කරමිනි.
මෙම දැඩි උණුසුම් කාලගුණයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ වවුලන්, ගස් ආශ්‍රිතව ජීවත්වන ඔප්සියම් සහ කුරුල්ලන් දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, එක් කාන්තාවක් තම සුරතල් සුනඛයා සෙල්සියස් අංශක 65ක උෂ්ණත්වයක් සහිත මෝටර් රථයක් තුළ දමාගොස් සිටියදී සොයාගත් බවත්, සත්ව හිංසනය යටතේ එම කාන්තාවට එරෙහිව දඬුවම් පැමිණවී තිබේ.