ඔස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්තයේදී විශාල පිඹුරෙකුගේ ඡායාරූපයක් පොලිස් නිලධාරීන් සමාජජාලයට එක්කිරීමත් සමග විශාල උනන්දුවක් ඒ කෙරෙහි ඇති වී තිබේ.
උතුරුදිග ක්වින්ස්ලන්තයේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මුර සංචාරයේ නිරතවන අවස්ථාවේදී මෙම දැවැන්ත පිඹුරා ඇස ගැටී ඇත.
ඔවුන් පවසන පරිදි මෙම පිඹුරාගේ දිග මීටර් 5කට වැඩි වන අතර, පිඹුරාගේ ස්වරූපය හා දැවැන්ත බව නිසාම උගේ දිග මැනීමට උත්සාහ කිරීම නුවණට හුරු නොවූ බවද එම නිලධාරීහු පවසති.