ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම දුම්වැටි නිෂ්පාදන සමාගමකට රජයේ නඩු ගාස්තු වශයෙන් ඇ.ඩො.මිලියන ගණනක වන්දියක් ගෙවීමට සිදුව තිබේ.
2012 වසරේදී ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් එරට දුම්වැටි පැකට්ටු තුළ දුම්බීමෙන් ශරීර සෞඛ්‍යයට සිදුවන හානිය දැක්වෙන දැන්වීම් පළ කරන ලෙස නියෝගයක් ලබාදෙන ලදී.
කෙසේ වෙතත්, අදාළ දුම්වැටි සමාගම මෙම නීතිය අවලංගු කිරීමට දැඩි අත්සාහයක නිරත වුවත්, 2015 වසරේදී යළිත් අධිකරණය පෙර තීන්දුවම ලබාදී තිබුණි.
ඒ අනුව, මෙම දුම්වැටි නිෂ්පාදන සමාගමට මේ වනවිට රජයේ නඩු ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුව තිබේ.
ඔස්ට්‍රේලියවේ, ස්ඩ්නි මෝනිං හෙරල්ඩ් වාර්තාව පෙන්වාදෙන පරිදි ඇ.ඩො.මිලියන 38ක මුදලක් ඔවුන්ට ගෙවීමට සිදුවනු ඇත.