ඔස්ට්‍රේලියානු ආගමික නායකයෙක් ලිංගික අපරාධ චෝදනා ලබයි
ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන, කාදිනල් ජෝර්ජ් පෙල් ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බව බී.බී.සී.ය වාර්තා කරයි.
කාදිනල්වරයාට චෝදනා ගොනු කෙරුණු මෙම සිදුවීම් ඉතා මෑතකදී සිදුවූ ඒවා නොවන බවත්, පසුගිය මාසයේදී නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කාදිනල්වරයාට එරෙහිව චෝදනා ගොනු කෙරුණු බවත් වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසිය කියයි.
එමෙන්ම, වික්ටෝරියානු නියෝජ්‍ය පොලිස් කොමසාරිසි ෂේන් පැට්න් පවසන පරිදි, එක් අයෙකුට වැඩි පිරිසක් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි සිදුකර තිබූ බවද සඳහන් වෙයි.
කාදිනල් ජොර්ජ් පෙල් මෙම චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කර සිටින බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, වතිකානුවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් රෝමයේ රැඳී සිටින පෙල් කාදිනල්වරයාට, එළැඹෙන ජූලි 18 වැනිදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය දන්වා තිබේ.
මේ අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු කතෝලික සභාව මෙතෙක් කටයුතු කර නොතිබූ බවද බී.බී.සී.ය වාර්තා කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
