ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ලොකුම පරිත්‍යාගය සිදුකළ ධන කුවේරයා
පතල් හා කැණීම් ක්ෂේත්රයේ ඔස්ට්‍රේලියානු ධන කුවේරයෙකු වූ ඇන්ඩෘ ෆොරෙස්ට් සහ බිරිඳ වන නිකොලා විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 400ක (ඇ.ඩො.මි.298ක්/රු.මි.44,700ක්) මුදලක් පුණ්‍යායතනයක් වෙත පරිත්‍යාග කර තිබේ.
ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසන පරිදි මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසය තුළ එක් පරිත්‍යාගශීලියෙකු විසින් සිදුකර ඇති විශාලතම මුදල් පරිත්‍යාගය වන අතර, ජීවත්ව සිටින ඔස්ට්‍රේලියානුවෙකු විසින් එදාමෙදා තුර සිදුකර ඇති විශාලතම පරිත්‍යාගය ලෙසද සැලකෙයි.
මෙම ධන කුවේරයා සහ ඔහුගේ බිරිඳ විසින් ලබාදී ඇති මුදල් පිළිකා පිළිබඳ පර්යේෂණ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගාසිටුවීම සහ ස්වදේශික ජනතාවට පහසුකම් සැලසීම යන කටයුතු වෙනුවෙන් යෙදවෙන බව පැවසෙයි.
ද ෆෝර්ටෙස්ක්යු මෙට්ල්ස් සමාගමේ සභාපතිවරයා වන ඇන්ඩෘ ෆොරෙස්ට්ගේ ජීවිත කාලය තුළ ඔහු විසින් සිදුකර ඇති ප්‍රථම මුදල් පරිත්‍යාගය මෙය නොවන අතර, මීට පෙරද ඔහු වරින් වර තම ධනය පුණ්‍ය කටයුතු වෙනුවෙන් යොමුකර තිබේ.
"මම වගේම මගේ බිරිඳ නිකොලා ධනය රැස්කිරීමට වගේම, ඒ ධනය හැකි ඉක්මණින් පරිත්‍යාග කිරීමට වාසනාවන්ත වෙලා තියෙනවා" යැයි ෆෝබ්ස් සඟරාවට අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 5.8ක වත්කමකට හිමිකම් කියන ෆොරෙස්ට් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

