ඔස්ට්‍රේලියාවත් ලිංගික වහල් සේවයේ තරුණියන් යොදවලා
ඔස්ට්‍රේලියාව තුළ ලිංගික වහල් සේවය සඳහා සිරකරගෙන සිටි බව පැවසෙන වයස අවුරුදු 17ක බාල වයස්කාර දැරියක එම නිවසින් පලායමින් සිටියදී පොලිස් භාරයට පත්ව තිබේ.
මධ්‍යම අප්‍රිකානු ගිනියා රාජ්‍යයේ සිට පසුගිය අප්‍රේල් මාසයේදී මෙම බාලවයස්කාර දැරිය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට රැගෙනවිත් ඇති බව නිව් සවුත්වේල්ස් පොලීසිය කියයි.
මෙම පුද්ගලයා විසින් නිවසක රඳවාගෙන සිට මෙම දැරියට ලිංගික අතවර සිදුකර ඇති අතර, එම කාලය තුළ තවත් කිහිප දෙනෙකු විසිනුත් තමන්ට ලිංගික හිංසා සිදුකළ බව මෙම දැරිය පොලීසියට පාපොච්චාරණය කර තිබේ.
පසුගිය මාසේය 27 වැනිදා එම නිවසින් පළා යාමට මෙම දැරියට අවස්ථාව ලැබී ඇති අතර, පසුව ඇයට හමුවූ කාන්තාවක විසින් මෙම දැරිය එරට ප්‍රජා මධ්‍යස්ථානයක් වෙත භාරදී තිබේ.
ඒ අනුව, ක්‍රියාත්මක වූ ඔස්ට්‍රේලියානු පොලිසියේ, ලිංගික අපරාධ සහ මිනිස් ජාවාරම් මැඩලීමේ බලකාය මේ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇති අතර, මෙම දැරිය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය ජනවාරි මාසයේදී ගිනියා රාජ්‍යයේදී හමුවූ මෙම පුද්ගලයා තමාට රැකියාවක් ලබාදෙන පවසමින් ප්‍රංශය හරහා ඔස්ට්‍රේලියාවට රැගෙන ආ බවත් ඇය පාපොච්චාරණය කර ඇති ඇත.
ඔස්ට්‍රේලියානු පොලීසිය මෙම දැරිය රැගෙන ආ පුද්ගලයා මෙන්ම ඇයට ලිංගික හිරිහැර සිදුකළ පුද්ගලයන් පිළිබඳවද තොරුතුරු සොයා ඔවුන් ලුහුබඳිමින් සිටින බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

