ඔස්ට්‍රේලියානු, ටස්මේනියා වෙරළ තීරය සුවිශේෂී දීප්තියකින් බැබලීම හේතුවෙන් එම කලාපයේ වැසියන් ප්‍රීතියට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ ආකාරයේ සුවිශේෂී දීප්තියක් ලැබීමට හේතුව ලෙස සැලකෙන්නේ 'සී ස්පාර්ක්ල්' ලෙස සැලකෙන විශේෂ ජෛවසන්දීප්ත ඇල්ගී විශේෂයක් මෙම වෙරළ කලාපයේ විශාල වශයෙන් හටගැනීම නිසා බව සඳහන් වෙයි.
එහිදී, මෙම ඇල්ගී ජීවී විශේෂය තම ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි ආලෝකයක් නිකුත් කරන අතර, මේ අවස්ථාවේදී මෙම සුවිශේෂී ආලෝක දහරාව වෙරළ ආශ්‍රිතව දැකගත හැකි බව විශේෂඥ මතයයි.
කෙසේ වෙතත්, මෙය නිශ්චල ජලය මත දැකිය හැකි බවත් මෙය විෂ රහිත ඇල්ගී විශේෂයක් වුවත් ඇතැම් අයට මෙහි යම් යම් සමෙහි ආසාත්මිකතා ඇතිවිය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.