ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ කලාපයට බලපෑ ධාරාණිපාත වර්ෂාව හා තද සුළං හේතුවෙන් ගංගා පිටාර ගලමින්, ගස් ඉදිරී වැටෙමින් දේපොළ හානි රැසක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ටස්මේනියා යන ප්‍රාන්තවලට මෙම දැඩි වර්ෂාව හා සුළං තත්ත්වය ප්රබලව දැනී ඇති බවද පැවසෙයි.
එමෙන්ම, ස්ඩ්නි කැල්රෝයි වෙරළ තීරයේ වූ මිලියන ගණනක් වටිනා නිවාසවල සිටින පිරිස් වහාම ඒවායින් ඉවත් කර ඇති අතර, එම නිවාස වෙරළ ඛාදනයත් සමග මුහුදට ගසාගෙන යනු ඇති බව කියයි.
එමෙන්ම, සති අන්තය වනවිට නිව් සවුත් වේල්ස් හි 90,000කට ආසන්න පිරිසකට මෙම ගංවතුර තත්ත්වය නිසා විදුලිබලය ඇණහිට ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, කොටර් ගංගාව ආසන්නයේ තිබියදී වයස 37ක පමණ පුද්ගලයෙකුගේ මුත්‍ර ශරීරයක් හමුවී ඇති අතර, ගංවතුරේ ගසාගෙන යාමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි. මීට අමතරව, මෝටර් රථ ගංවතුරට හසුවීමෙන් එම රථවල සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරුද සොයාගෙන තිබේ.
මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පළාත් කිහිපයකට ගංවතුර අවදානම් ප්‍රකාශයට පත්කර ඇති අතර, උතුරුදිග ටස්මේනියාව දශක කිහිපයකට පසුව දරුණුතම ගංවතුර අවදානමට මුහුණ දෙමින් සිටියි.