ඔස්ට්‍රේලියාවේ විශාලතම වැවක් ලෙස සැලකෙන කාටි තන්ඩා වැව ජලයෙන් පිරී යන බව විදෙස් වාර්තා පවසයි.
මෙම වැය ජලයෙන් පිරී යාම සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකෙන්නේ එය ශතවර්ෂයකට අවස්ථා කිහිපයකදී පමණක් ජලයෙන් පිරී යන නිසාය.
ඇඩිලේඩ් නුවරට කිලෝමීටර් 700ක් උතුරුදිගින් පිහිටි මෙම කාන්තාර වැව ක්‍රමයෙන් ජලයෙන් පිරී යෑම බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට සතුට දනවන්නකි.
මෙම වැව ආශ්‍රිතව පසුගිය සතිය පුරා මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වූ බව එරට කාලගුණ අංශ පවසයි.